උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 631 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 66 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි.
ගොඩනැගිලි 12,000කට ද හානි සිදුවී ඇති අතර, මෙම තත්ත්වය නිරීක්ෂණය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාව බලා පිටත්ව යාමට ද නියමිතයි.
