ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 25 ඉක්මවා තිබෙනවා. 
ඒ, ප්‍රාන්තයේ උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ ගිනිගත් ගොඩනැගිලිවල සිටි තවත් 14 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමත් සමඟින්. 
හොලිවුඩ් තාරකා ඇතුලූ සංචාරකයන් අතර ප්‍රකට මලිබු ප්‍රදේශයෙන්ද තවත් ජීවත හානි දෙකක් වාර්තාවනවා. 
ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයන් දෙලක්ෂ 50,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ගැනුනා. 
ලැව් ගින්නෙන් විනාශ වූ වන ප්‍රදේශය අක්කර එක්ලක්ෂ 70,000  කට අධිකයි. 
එහෙත් තවමත් පාලනය කර ඇත්තේ ඉන් සියයට විස්සක ප්‍රමාණයක් පමණයි.



