Gossips

කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 5100ක් සහ හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන රථ යොදා ගනිමින් දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බව සඳහන්.
කැලිෆෝනියා ලැව් ගින්නෙන් තවත් 200කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බව ඊයේ වාර්තා වුණා.