Gossips

කැලිෆෝනියා ලැව්ගින්නේ ජීවිත හානි ඉහළට

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 35 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, ගිනි නිවන භටයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයන් සියලූදෙනා උතුරුදිග කැලිෆෝනියාවේ පැරඩයිස් නගරයේ පදිංචිකරුවන්.
එහි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 6700 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ලැව්ගින්න හේතුවෙන් අක්කර 90 දහසකට අධික ප්‍රදේශයකට හානි සිදුව ඇති අතර, ගිනි නිවන භටයන් 2200කට අධික පිරිසක්, හෙලිකොප්ටර් යානා සහ ජල බවුසර් යොදා ගනිමින් ලැව් ගින්න නිවීමේ දැඩි පරිශ්‍රමයක නිරත වනවා.