ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා මේ වනවිට පොලීසිය මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියෙකු ද සිටිනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සමාජ ශාලාවේ 200 කට ආසන්න පිරිසක් රැදී සිටි බව සදහන්.
