Gossips

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තවමත්

ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ මීට සතියකට පමණ පෙර ආරම්භ වූ ලැව්ගිනි තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
12,000කට අධික ගිනි නිවන භටයන් පිරිසක් ගින්න නිවීම සඳහා යොදවා ඇති අතර, ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීමට නොහැකි බවයි වාර්තාවන්නේ.
ගින්නෙන් මේ වනවිට අක්කර 48000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර හයදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
අවතැන්වූ පිරිස 38,000කට අධිකයි.