ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඒ අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයට ජනතාවට පැමිණීම මේ වනවිට කැලිෆෝනියා පොලීසිය විසින් තහනම් කර තිබෙනවා.
