Gossips

කැලිෆෝනියාවේ ලැව් ගිනි උග්‍ර අතට

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි දැන් උග්‍ර අතට හැරී ඇති අතර, මේ වන විට පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එක්ලක්ෂ 50,000කට අධික පිරිසක් අවදානම් ප්‍රදේශවලින් ඉවත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සීග්‍රයෙන් පැතිර යන එක් ලැව් ගින්නක් ‘මලිබු’ සංචාරක නිකේතන ප්‍රදේශය හරහා පැතිරෙන බව සඳහන්.
ලැව් ගින්න මධ්‍යයේ සිය වාහනවලින් ආරක්ෂිත ස්ථාන කරා පළා යාමට උත්සාහ කළ පුද්ගලයන් කිහිප දෙනෙකු ඊට ගොදුරු වූ බව වාර්තා වනවා.
මේ වන විට අක්කර 20,000කට අධික ප්‍රදේශයක් ලැව් ගින්නෙන් විනාශ වී ඇති බවයි කැලිෆෝනියා ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිනි නිවන භටයන් 2200කට අධික පිරිසක්, හෙලිකොප්ටර් යානා සහ ජල බවුසර් යොදා ගනිමින් ලැව් ගිනි නිවීමේ දැඩි පරිශ්‍රමයක නිරත වනවා.