Gossips

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් 200 ක් අතුරුදන්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පැතිර යන මහා ලැව්ගින්නෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා.
ලැව් ගින්නෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, දෙලක්ෂ 50,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනුණා.
ඒ අනුව මෙය 1933 වසරේ කැලිෆෝනියාවේ ඇති වූ වාර්තාගත ලැව් ගින්න අභිබවා ප්‍රාන්තයේ දරුණුතම ලැව් ගින්න ලෙස ඉතිහාසයට එක්වනවා.
ඊයේ සන්ධ්‍යාව වන විට අක්කර එක්ලක්ෂ 11,000ක් පමණ ලැව් ගින්නෙන් විනාශ වී තිබුණා.