උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ගින්නට හසුවීමෙන් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති අතර, ලැව් ගින්නෙන් සියයට 50 ක් පමණ ප්රමාණයක් මේ වනවිට පාලනය කර ඇති බවයි එරට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
අක්කර එක්ලක්ෂ 50,000 ක පමණ ප්රමාණයක ලැව් ගිනි පැතිර ගොස් ඇති බව සදහන්.
මියගිය පුද්ගලයින් අතර වැඩි වශයෙන් සිටින්නේ වයස අවුරුදු 70 ත් 80 ත් අතර පසුවන්නන් බව විදෙස් වාර්තා ප්රකාශ කළා.