Gossips

කැලණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම යළිත් ඉහළට

කැලණි, කළු, ගිං යන ගංඟාවල මෙන්ම මාඔයේ ජල මට්ටම් යළි ඉහළි යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (21) දින ඉහළ ගොස් තිබූ නිල්වලා ගඟේ සහ අත්තනගලුඔයේ ජල මට්ටම් මේ වන විට පහත බසිමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, දින කිහිපයක් යන තුරු ජලාශ පරිහරණය කිරීමෙන් වළකින ලෙසටද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර තිබෙනවා.