Gossips

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අවිස්සාවේල්ල සිට කොළඹ – කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
උදෑසන 4.55 ට අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්භ කරන අංක 646 දරන දුම්රියයි මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ.