Gossips

කැමරාවටත් හොයන්න අමාරු සැම්සන් ගේ සුපිරි රැකගැනීම

IPL තරඟාවලියේ දිනෙන් දින මැවෙන පුවත් අතර ඊයේ දිනයේ වූ සුවිශේෂ සිදුවීමක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ JD Unadkat යැවූ පන්දුවකට පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ KL Rahul එල්ලකළ පහරක් සුපිරි අයුරින් SV Samson විසින් රැකගත් අවස්ථාවයි.
කෙසේ වෙතත් එහිදී විණිසුරුවරුන්ට එය දැවී යාමක් ද නැද්ද යන්න තහවුරු කරගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූවා.
අවසානයේ තහවුරු වූයේ පන්දුව බිම පතිත වන බවයි.
ඒ අනුව ලකුණු 41 ක් ලබාසිටියදී අවසන් වන්නට තිබූ KL Rahul ගේ ඉනිම නතරවූයේ තරඟයේ ජය ලැබීමෙන් අනතුරුවයි.
එහිදී KL Rahul නොදැවී පන්දු 54 කදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 84ක්.
එයට හතරේ පහර 7 ක් සහ දැවැන්ත හයේ පහර 3 ක් ඇතුලත්.
KL Rahul එල්ලකළ පහර SV Samson විසින් රැකගත් එම අවස්ථාව පහතින්.
rn