හෙට (30) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට දැන ගැනීමට ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – නළගම ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජනහමුවකට එක්වෙමින්.
පසුගිය මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බලයක් හිමි නොවන අතර ස්ථාවර රටක් ගොඩනැගීමේ වගකීම ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
එම වගකීම නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හරහා සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
