Gossips

කැබිනට් සංශෝධනය සිදුවන දිනය ගැන ඇමති රාජිත කියයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා සිදුවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කලුතර මහ රෝහලේ ව්‍යාපෘති කිහිපයකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.
පාතාල කණ්ඩායම් මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳව දින ගණනාවක් තිස්සේ කතාබහට ලක්වූවද මේ වනතුරුත් එය යථාර්ථයක් බවට පත්වී නැහැ.
ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට සකස් කර ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛණ පිළිබඳව එකඟතාවයකට පත්විය නොහැකි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුවීම ඊට හේතුවයි.
මේ වනවිට අමාත්‍ය මණ්ඩල සංශෝධනය දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවටද පත්වී අවසන්.