Gossips

කැබිනට් සංශෝධනය ගැන අදත් බලාපොරොත්තු

දින ගණනාවක් තිස්සේ සිදුවන බවට රාවයක් පැතිරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) දිනයේ සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
රජයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව අද (23) දිනයේ බොහෝ දුරට එම සංශෝධනය සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත්, සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙනස් වන බවට මේ වනවිටත් විවිධ ප්‍රචාරයන් පැතිර ගොස් තිබෙනවා.
එහෙත්, ප්‍රධාන පක්ෂ දෙකට හිමි කැබිනට් අමාත්‍ය ධුර වල වෙනසක් සිදුනොවනු ඇති බවටයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.
සිදුවීමට නියමිත මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි.