Politics Sri Lanka

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය – අද නෙවෙයි හෙට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන හෙට (25) සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඊයේ (23) පැවසීය.

සේනරත්න මහතා එලෙස ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අවස්ථා කිහිපයකදීම දින වකවානු ලබා දෙමින් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ආණ්ඩුවේ වගකිව යුත්තන් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටි අතර පසුගිය සඳුදා දින ප්‍රකාශ කර තිබුණේ බදාදා (21) දින එම සංශෝධනය සිදු වන බවය.

එහෙත් බදාදා දින ප්‍රකාශ කර තිබුනේ බ්‍රහස්පතින්දා (22) දින කැබිනට් සංශෝධනය සිදුවන බවය. කෙසේ නමුත් එදින (බ්‍රහස්පතින්දා) ප්‍රකාශ කර තිබුණේ එය ඊයේ (23) දින සිදු කරන බවයි.

කෙසේ නමුත් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ එය හෙට දින සිදු කරන බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පොලිසිය භාර අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධාපතිවරයා අතර පැහැදිළි එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් යමින් තිබෙව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.