Gossips

කැබිනට් වෙනස කවදා ද ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳව දින ගණනාවක් තිස්සේ කතාබහට ලක්වූවද මේ වනතුරුත් එය යථාර්ථයක් බවට පත්වී නැහැ.
ප්‍රධාන පක්ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව දැනට සකස් කර ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛණ පිළිබඳව එකඟතාවයකට පත්විය නොහැකි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුවීම ඊට හේතුවයි.
මේ වනවිට අමාත්‍ය මණ්ඩල සංශෝධනය දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවටද පත්වී අවසන්.
මේ අතර, ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයකදී ප්‍රධාන අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුවන බවට මේ වනවිටත් ඉඟි පළ වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
ඊයේ (22)පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වනවිට දිගින් දිගටම කල් යන තත්ත්වයක් මතුව ඇති බවයි.
කෙසේ වෙතත්, පැහැදිලි වෙනස්කම් සහිතව එය සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.