Gossips

කැබිනට් මණ්ඩලය අද රැස්වේ – විසර්ජන පනත් කෙටුම්පතත් අනුමැතියට

මෙවර කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අඟහරුවාදා වන අතර, ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් හෙට දිනයේ විශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබෙනවා.
මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාළ යෝජනා ඉදිරිපත් කෙරුණත් එය, මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබුණා.
එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අයවැය යෝජනා ඉදිරිපත් කිරීම මාර්තු මස 5 වනදා සිදුකරනු ඇති.
අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13 වනදා ආරම්භ කිරීමට නියමිත අතර, අවසන් ඡුන්ද විමසීම අප්‍රේල් මස 4 වනදා සිදුකිරීමට නියමිතයි.