Gossips

කැබිනට් මණ්ඩලය අද ජනපතිට – තුන් දෙනෙකු එපා කියයි

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඞ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තමන් මේ බව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.
මෙහිදී 19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍ය ධුර දැරූ මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇත්තේ ස්වෙච්ඡාවෙන් කැබිනට් මණ්ඩලයට එක් නොවීමට කැමැත්තෙන් පසුවන්නේ කවුරුන් ද යන්නයි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුර්දීන් මේ බව සදහන් කර තිබෙනවා.
මේ අතර 30 දෙනෙකුගෙන් යුත් කැබිනට් අමාත්‍යවරුන්ගේ නාම ලේඛණය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින්නේ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනැමීමෙන් වළකින ලෙසයි.