Gossips

කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් නැහැ – ඇමති අමුණුගම

කැබිනට් මණ්ඩලය තුළ 'රෝ' ඔත්තුකරුවන් සිටින බවට තමන් විශ්වාස නොකරන බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා.
ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවයට තොරතුරු සපයන අමාත්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව තමන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවයි.