Gossips

කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා කණගාටුවෙන්

මාධ්‍යවේදින් ඝාතනය කිරීම සහ පැහැරගැනිමේ සිද්ධි සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු ප්‍රමාද විම පිළිබදව රජයේ ඇමතිවරයෙක් ලෙස තමන් කනගාටුවන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ ඊයේ පැවති විරෝධතාවකට එක්වෙමින්.
නිදහසේ මාධ්‍ය වේදින්, සිවිල් සංවිධාන නියොජිතයින් මෙන්ම ඝාතනයට සහ පැහැර ගැනිමට ලක්වු මාධ්‍යවේදින්ගේ ඥතින් එක්ව කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ඊයේ පස්වරුවේ නිහඩ විරෝධතාවයක නිරතවුණා.
මෙහිදි පැමිණි සිටි පිරිස් පහන් දල්වා ඝාතනයට ලක්වු සහ පැහැර ගැනිමට ලක්වු මාධ්‍යවේදින් සිහිපත් කළා.