Gossips

කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි (ඡායාරූප)

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා.
අද උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම් සිදුවූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
එමෙන්ම වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ තමා දිවුරුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. මහරුෆ් සඳහන් කළා.
තමා කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්නන් කියා සිටියේ.
මේ අතර කැබිනට් අමාත්‍ය දයා ගමගේ දැරූ කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව දයා ගමගේ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය ධුරය පමණක් දරනු ඇති.

(ඡායාරූප)