Gossips

කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව ගැන අධිකරණයේ මතය විමසීමට යයි

නිවාඩු කාලසීමාවෙන් පසු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ අද පෙවරුවේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ද අද සිය ධුරවල වැඩ භාර ගනු ලැබුවා.