Gossips

කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන්

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා.
ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයා පොදුජන පෙරමුණට සහය පළ කිරීම හේතුවෙන්.
ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ පොදුජන පෙරමුණේ කීර්ති සේනානායකයි.
පසුගියදා පැවති මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණ ජයගත්තේ ආසන 8 ක් හිමිකර ගනිමින්.
එක්සත් ජාතික පක්ෂයට ආසන 5 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 2 ක් හිමිවූ අතර, මුස්ලිම් කොංග්‍රසයට සහ ස්වාධීන කණ්ඩායමක් එක් ආසනය බැගින් දිනා ගත්තා.