යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වව්නියාව – හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ නිකවැව ප්‍රදේශයේදී අද අලූයම මෙම අනතුර සිදුව ඇත්තේ එම කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාම හේතුවෙන්.
තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කළ යුද හමුදා සාමාජිකයින් 06 දෙනාගෙන් 03 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
