යාපනය – කොඩිකාමම් ප්රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී අද (08) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය සංඥා නොතකා අදාළ කැබ් රථය ධාවනය කිරීම හේතුවෙන්.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.