බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ද ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2010 වසරේ කැනඩාවේ, ටොරොන්ටෝ ප්‍රදේශයේ පදිංචිය සඳහා ගිය කිරුෂ්නා කුමාර් කනගරත්නම් නැමැති 37 හැවිරිදි ශ්‍රී ලාංකික ජාතිකයා, ඝාතකයා විසින් මෙලෙස ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම ඝාතනය මැක්ආතර්ගේ අටවන ඝාතනය බවට තොරතුරු වාර්තා වනවා.
වෘත්තියෙන් උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු වන බෘස් මැක්ආතර් 66 හැවිරිදි පුද්ගයෙක් වන අතර 2010 – 2017 යන කාල සීමාව තුල මෙම ඝාතනයන් අට සිදුකර ඇති බවටයි එරට පොලිසිට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.
පසුගිය ජනවාරි මාසයේදී සැකකාර මැක්ආතර් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අයත් ගබඩාවක තිබී ඝාතනයට ලක්වූ කනගරත්නම්ගේ බවට සැකකෙරෙන ශරීර කොටස් සොයාගැනීමට හැකිව තිබෙනවා.
පොලීසිය විශ්වාස කරන්නේ කනගරත්නම් 2015 සැප්තැම්බර් 03 සහ දෙසැම්බර් 14 අතර කාල සීමාවේදී ඝාතනයට ලක්ව ඇති බවයි.
සැකකාර බෘස් මැක්ආතර්ට අයත් ස්ථාන කිහිපයක තිබූ ඔහු විසින් ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන සෙසු පුද්ගලයින්ගේ ශරීර කොටස් ද හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
දකුණු ආසියානු සහ මැදපෙරදිග සම්භවයක් සහිත පුද්ගලයින් ඝතකයාගේ ඉලක්ක වී ඇති බව සඳහන්.
බෘස් මැක්ආතර්
ඝාතනයට ලක්වූ කිරුෂ්නා කුමාර් කනගරත්නම්.
උපුටා ගැනීම ඩේලිමේල්