Gossips

කැනඩා අනතුරෙන් මියගිය පුද්ගලයින් අතර, ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ – ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් කඩා වැදී පෙරේදා සිදුවූ අනතුරින් ශ්‍රී ලාංකික කාන්තාවක් ද මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රේණුකා අමරසිංහ නමැති 45 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරයේ විහාරවාසී ලුණුගම්වෙහෙරේ රේවත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තුවාලලැබූ සංඛ්‍යාව 15 ක්.
මේ වනවිට කැනඩාවේ පුරවැසියෙකු වන මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
ඇය පසුගිය දිනක ලංකාවට පැමිණ සිට නැවත පසුගිය 18 වනදා සිය 7 හැවිරිදි දරුවා සමඟ කැනඩාවට පැමිණ සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇත්තේ.
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කාර්යබහුල වීථියක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෑන් රථයක් පදවා පුද්ගලයෙකු විසින් සිදුකළ අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.
වෑන් රථය පදවන ලද 25 හැවිරිදි ඇලෙක් මිනසියන් නම් සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
සැකකරු අනතුර සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඇලෙක් මිනසියන් පිළිබද මින් පෙර කිසිදු අපරාධයකට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට පෙර වාර්තා පළ වී නැහැ.
එම ආනතුරින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාව.