සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරයක නිරත කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා ඔහු සංචාරය අරඹා දින 6 කට පසු අද (23) පැවැත්වෙනවා.
සීක රන් දෙවොල, ටාජ් මහල මෙන්ම, නරේන්ද්‍ර මෝදිගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ සංචාරය කළ ද අගමැති ටෲඩෝට මෙතෙක් ඉහළ පිළිගැනීමක් හිමි නොවූයේ ඔහු සීක බෙදුම්වාදීන්ට සහය පළ කරන නිසා බවට මත පළ වුණා.
