Gossips

කැනඩාව, අවුන්සාන් සුකීගේ ගෞරවණීය පුරවැසිභාවය අහෝසි කරයි

හමුදා පාලනයක් පැවති මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා සිදුකළ මෙහෙවර වෙනුවෙන් අවුන්සාන් සුකීට කැනඩාව ලබාදී තිබූ ගෞරවණීය පුරවැසිභාවය අහෝසි කර තිබෙනවා.
ඒ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාර හමුදා වෙතින් පීඩාවට ලක්වීම පිළිබඳ විරෝධය පළ කරමින්.
ඒ සඳහා කැනඩා පාර්ලිමේන්තුවේ ඊයේ ඡන්දයක් ද පැවැත්වුණා.
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හත් ලක්ෂයක් පමණ මේ වනවිට බංග්ලාදේශයට පලාගොස් සිටිනවා.
අවුන්සාන් සුකීට 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය ද හිමිවූ අතර, ඒ පිළිබඳව ද මේ වනවිට සංවාදයක් පැන නැගී ඇති බව සඳහන්.