Gossips

කැනඩාවේ වෑන් රථයක් පදිකයන් අතර පැදවීමෙන් 10ක් මරුට

කැනඩාවේ ටොරෙන්ටෝ නුවර දී වෑන් රථයක් පදිකයන් අතරට පැදවීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෑන් රථය පදිකයන් අතරට පැදවූ පුද්ගලයා 25 හැවිරිදි ඇලෙක් මිනර්සෙන් ලෙස හඳුනාගෙන ඇති බවයි.
දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුව ටොරෙන්ටෝ පොලීසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
මෙම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.