Gossips

කැකනදුර බස් රථයකට සහ වෙළදසැලකට වෙඩි ප්‍රහාරයක්

මාතර – කැකනදුර – කොකාවල හන්දියේදී බස් රථයකට සහ වෙළදසැලකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සුඛෝපභෝගී බස් රථයකට මෙහිදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, තවත් වෙළඳසැලකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි ප්‍රහාරය කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.