චීනය හඳුන්වාදී ඇති ටික් – ටොක් අන්තර්ජාල යෙදවුම ඉවත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.
ඊට අදාළව ගූගල් සහ ඇපල් සමාගම් වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ඉවත් කරගැනිම සම්බන්ධයෙන් ඉන්දියාවේ පහළ අධිකරණයක් තීන්දුවක් ලබාදී ඇති අතර, ඉන්දියාව තුළ ටික් ටොක් අන්තර්ජාල යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමට ද නියමිතයි.
අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප මෙම අන්තර්ජාල යෙදවුම හරහා සංසරණය වන බවට ඉන්දීය රජය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබුණා.
ලොව පුරා මිලියන 500 ක් මෙම ටික් ටොක් අන්තර්ජාල යෙදවුම භාවිත කරන අතර, ඉන් මිලියන 120 ක් ඉන්දියානුවන්.