ශ්‍රී ලංකා මහ බැංකු සංසරණයට නිකුත් කරන නව කාසි පෙළක් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත අද පිරිනමනු ලැබුවා.
රුපියල, රුපියල් දෙක, රුපියල් පහ සහ රුපියල් දහයේ කාසි මෙලෙස නිකුත් කෙරෙන අතර, ඒවායේ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හඳුනාගත හැකි ආකාරයට සලකුණු යොදා තිබීමද විශේෂත්වයක්.
මෙම නව කාසි දෙසැම්බර් මස 03 වැනිදා සිට සංසරණයට එක් කිරීමට නියමිතයි.
