Gossips

කාසි නිකුත් කිරීමේ කවුළුවක් හෙට සිට

මහජනතාව සඳහා කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ ශ්‍රී ලංකා මහබැංකු මූලස්ථානයේ හෙට විවෘත වනවා.
රජයේ සහ බැංකු නිවාඩු හැර සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 9 සිට 11 දක්වා මෙම කවුළුව මහජනතාව සඳහා විවෘත වනු ඇති.
එක් අයෙකු වරෙකට අවම වශයෙන් එක් මුහුණත වටිනාකමක් සහිත කාසි 100ක පැකට්ටුවක් මිලදී ගත යුතු අතර, රුපියල, රුපියල් දෙක, රුපියල් 5 සහ රුපියල් 10 යන ඕනෑම මුහුණත වටිනාකමකින් යුක්ත කාසි 100යේ පැකට් රුපියල් 20,000ක උපරිමයකට යටත්ව මිලදී ගත හැකියි.
කාසි තොග වශයෙන් ලබා ගැනීමට අවශ්‍ය අය ඒ පිළිබදව මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වෙත දින දෙකකට පෙර ඉල්ලූම් කළ යුතුයි.