Gossips

කාසියේ වාසිය පමාවේ

නිදහස් කුසලාන පන්දු වාර විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර දෙවන තරඟයේ කාසියේ වාසිය උරගා බැලීම පමා වී තිබෙනවා.
ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති වැසිබර කාලගුණය හේතුවෙන්.
කෙසේ නමුත්, සම්පූර්ණ තරඟය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනමක් පැනවීම හේතුවෙන් අද තරඟයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙය වන්නේ තිසර පෙරේරා විසින්.
මෙතෙක් පැවති තරඟ වලදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන කණ්ඩායම් තුනම ජයග්‍රහණය බැගින් වාර්තා කළේ ඉලක්ක හඹා යාමෙන්.