Gossips

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කරයි

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවනි එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු රැකීමට තීරණය කළා.
දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවැත්වෙන මේ තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ කසුන් රාජිත කණ්ඩායමට කැඳවා ඇති අතර සිය ස්ථාන අහිමි වී ඇත්තේ උපුල් තරංගට හා ලක්ෂාන් සඳකැන්ටයි.
අද තරඟයට එක්වන් ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,
ලසිත් මාලිංග (නායක),
නිරෝෂන් දික්වැල්ල,
අවිශ්ක ප්‍රනාන්දු
ධනංජය ද සිල්වා
ඕෂද ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
තිසර පෙරේරා
අකිල ධනංජය
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු.