Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කරයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදී තිබෙනවා.
පළමු තරග දෙකම දකුණු අප්‍රිකානු පිල ජයග්‍රණය කිරීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීමට නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල මෙම තරගය ජයග්‍රහණය කළ යුතුයි.
තරගයට පෙර ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිව්ස් කියා සිටියේ ශ්‍රී ලංකා පිල ප්‍රමාණය ඉක්මවා දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබීම පසුගිය පරාජයන්ට හේතුවූ බවයි.