Gossips

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරයි

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියාසිටියේ මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට අපේක්ෂාවෙන් සිටි බවයි.
කාසියේ වාසිය අහිමිවුව ද පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුනු බවයි ඔහු කියාසිටියේ.
එමෙන්ම අද තරගයේදී ඉන්දියාව සමග පැවති තරගයට එක්වු කණ්ඩායම වෙනසකින් තොරව ක්‍රීඩා කරන බව ද චන්දිමාල් සඳහන් කළා.
බංග්ලාදේශ කණ්ඩායමේ ද කිසිදු වෙනසක් සිදුවී නැහැ.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, දසුන් ශානක, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය,දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් එක්ව සිටිනවා.