Gossips

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින ක්‍රිකට් තරගය පෝර්ට් එළිසබෙත් හිදී අද පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
අද තරගයේදී උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා.
අවිශ්ක ප්‍රනාන්දු, ඔෂධ ප්‍රනාන්දු, නවක ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳූ මෙන්ඩිස්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ කසුන් රාජිත අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.
මේ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථාන අහිමිව ඇත්තේ ආබාධයකට ලක්වු කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජයටයි.
මෙම එක්දින තරගාවලියේ පළමු තරග 3ම ජයගත් දකුණු අප්‍රිකාව මේවන විට තරගාවලියේ ජය තමන් සතු කරගෙන අවසන්.
අද තරගය පැවැත්වෙන පෝර්ට් එළිසබෙත් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1998 වසරේ අප්‍රේල් මාසයේදීයි.
දකුණු අප්‍රිකාව සමග පැවති එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් හිමිවුනා.