Gossips

කාසියේ වාසිය දිනු එංගලන්තය පන්දු යැවීමට තීරණය කරයි

වර්ෂාවෙන් බාධා එල්ලවී තිබු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බලා තිබෙනවා.
කාසියේ වාසිය දිනූ එංගලන්තය තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.
මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ පස්වරු 2.30 ටයි.
කෙසේවෙතත් පල්ලෙකැලේ ප්‍රදේශයට පැවති වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වුනා.
තරගය රාත්‍රී 8.15 ට ආරම්භ වීමට නියමිත අතර එක් කණ්ඩායමකට පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග සහ අමිල අපොන්සු අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.