Gossips

කාසියේ වාසිය ඉන්දියාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (12) පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
මේ අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් මෙම තරඟයේදී එක් කණ්ඩායමකට හිමිවන පන්දුවාර සංඛ්‍යාව 19 ක්.
අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ අවසන් තරගයට පිවිසිමට ඇත්තේ වැඩි අවස්ථාවක්.
යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අද තරගය පරාජයට පත්වුවහොත් අවසන් තරගයට පිවිසිම සදහා බංග්ලාදේශය සමග පැවත්වෙන මිලඟ තරගය ජයගත යුතු වනවා.
බංග්ලාදේශයට එරෙහිව ඉන්දිය කණ්ඩායම මිලග තරගය ජයගතහොත් තරගාවලියේ තරග 03ක් ජයගනිමින් අවසන් තරගයට පිවිසිමට ඉන්දිය කණ්ඩායමට හැකිවන්නේ ශ්‍රී ලංකාවටද අවසන් තරගයට පිවිසිමේ අවස්ථාව ලබා දෙමින්.
යම් හෙයකින් බංග්ලාදේශය හමුවේ ඉන්දිය කණ්ඩායම මිලග තරගය පරාජයට පත්වන්නේ නම් ප්‍රසාද ලකුණු සම වන හෙයින් දළ ලකුණු වේගය අනුව අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම තීරණය කරනු ඇති.