Gossips

කාසල් රෝහල ඉදිරිපිට ජල නලයක් පුපුරා වාහන ගමනාගමනයට බාධා

බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට අද අලූයම ජල නලයක් පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ජල නලය පිපිරීමත් සමග මාර්ගය ජලයෙන් යටවීම නිසා බත්තරමුල්ල සහ පැලවත්ත සිට කොළඹ දෙසට ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත්, ජල නලය පුපුරා යාම ප්‍රදේශයේ ජල සැපයුමට බාධාවක් නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
පෙරවරු 10 යි 30 න් පසු පුපුරා ගිය ජල නලයේ අලූත්වැඩියා කටයුතු සිදුකරන අතර, ප්‍රදේශයේ ජලය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේ.