Gossips

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහතට

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පවසනවා.
කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40 දක්වා පහල බැස ඇති අතර මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 38 දක්වා පහල බැස ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගී කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් 25% දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බවයි විදුලි බල මණ්ඩලය කියා සිටින්නේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් පානිය ජලය ලබා දිම සදහා කැළණි ගගට, ජලය මුදා හැරිමටද ජල ධාරිතාව රදවා ගත යුතු බවද ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු වැඩි දුරටත් කියා සිටියා.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහල බැසිමත් සමග එම ජලාශ ඉදිකිරිමේදි යට වු නටබුන් කිහිපයක් මේ වන විට මතු වී තිබෙනවා.

rn