Gossips

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ඊයේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ කොටසක් විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රදේශයට පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න පැතිර ගියද එය මේවනවිට පාලනය කර තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන් ගින්නහට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.