කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමග මැණික් ජාවාරම්කරුවන් විසින් එහි මැණික් ගැරීම ආරම්භ කර තිබෙනවා.
රාත්රී කාලයේදී එම ජාවාරම්කරුවන් ජලාශයට පැමිණ එලෙස මැණික් ගරන බවටයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ජලාශය තුල සිදු කෙරෙන මෙම මැණික් ගැරීම් හේතුවෙන් විශාල පරිසර හානියක් ද සිදුවන බව ප්රදේශවාසීන් පෙන්වා දෙනවා.