Gossips

කාසල්රි ජලාශයේ තෙල් තට්ටුව ගැන පරික්ෂණයක්

කාසල්රී ජලාශයේ වේල්ල අසල තෙල් තැන්පත් වීමෙන් විදුලි ජනනයට බාධාවක් වී නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ද මේ වනවිට පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ලක්ෂපාන විදුලි බලාගාරය යටතේ පවතින මෙම ජලාශයේ වේල්ල අසල මීට දින කිහිපයකට පෙර සිට තෙල් තැන්පත් වී ඇති බවයි ලක්ෂපාන විදුලි බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කාසල්රී ජලාශයට බගවන්තලාව – මහඑළිය රක්ෂිතයේ සිට ගලාබසින කෙසෙල්ගමු ඔයෙන් සහ දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනවා.
එම ඇළ මාර්ග සහ ගංඟාවලට ඉතා සුක්ෂම ලෙස පෞද්ගලික ආයතන මගින් තෙල් මුදාහැරීම නිසා කාසල්රී ජලාශයට මෙසේ තෙල් එකතු වී ඇති බවයි කාසල්රී ජලාශයේ ආරක්ෂක අංශය අනාවරණ කළේ.