කාශ්මීරයේ – පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර මෙහෙයුමක් ඉන්දීය හමුදා විසින් ඊයේ රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
එහිදී පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ ත්‍රස්තවාදී මහමොළකරු ඇතුළු සන්නද්ධ සාමාජිකයන් දෙදෙනෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ඉන් එක් අයෙකු ජයිෂ් – ඉ – මොහොමඩ් සංවිධානයේ නායක මසූඩ් අසාර්ගේ සමීපතමයෙකු වන කම්රාන් නැමැත්තෙකු වන අතර, බෝම්බ විශේෂඥයෙකු වන අනෙක් ත්‍රස්ත සාමාජිකයා ගාසි රෂීඩ් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ප්‍රති ප්‍රහාර මෙහෙයුමේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 4 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
