Gossips

කාශ්මීරයේ ගැටුමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට -70 කට තුවාල

කාශ්මීරයේ ෂොපියන් ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 20 දෙනෙකු මියගොස් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ අතර සිවිල් වැසියන් හතරදෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඊයේ (01) දිනයේදී මෙම ගැටුම සිදුව ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ දිනක් තුළදී වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.
ගැටුමෙන් මියගිය පිරිසට සටන්කාමීන් 13 දෙනෙකු ද ඇතුළත්.